Jump to content

ලෙ කොබූසියර්

විකිපීඩියා වෙතින්
චාල්ස්-එඩුවර්ඩ් ජිනරෙට්-ග්‍රිස්
ලෙ කොබූසියර්

ලෙ කොබූසියර්
පුද්ගලික තොරතුරු
නම චාල්ස්-එඩුවර්ඩ් ජිනරෙට්-ග්‍රිස්
ලෙ කොබූසියර්
ජාතිකත්වය ස්විස්/ ප්‍රංශ
උපන් දින ඔක්තෝබර් 6, 1887(1887-10-06)
උපන් ස්ථානය ලා චො-ඩි-ෆොන්ඩ්ස්, ස්විට්සර්ලන්තය
මිය ගිය දිනය August 27, 1965(1965-08-27) (වයස 77)
මිය ගිය ස්ථානය රොක්බ්‍රෑනේ-කැප්-මාටින්, ප්‍රංශය
නිර්මාණ
සංගණ්‍ය ගොඩනැගිලි විල සැවෝයි, ප්‍රංශය
නොට්‍රෙ ඩාම් ඩු හවුට්, ප්‍රංශය
ඉන්දියාවේ, චන්ඩිගාර්හි ගොඩනැගිලි

පසුව තමා ලෙ කොබූසියර් නමින් හැඳින්වීමට මනාප වූ චාල්ස්-එඩුවර්ඩ් ජිනරෙට්-ග්‍රිස් (ඔක්තෝබර් 6, 1887 – අගෝස්තු 27, 1965) යනු, ස්විස්-ප්‍රංශ වාස්තු විද්‍යාඥයෙක්, මොස්තර රචකයෙක්, නගර නිර්මාණකරුවෙක්, ලේඛකයෙක් සහ එලෙසින්ම සිත්තරෙක් වූ අතර, වර්තමානයෙහි නූතන වාස්තුවිද්‍යාව ‍හෝ ජාත්‍යන්තර ශෛලිය ලෙසින් හැඳින්වෙන්නෙහි පුරෝගාමීන් අතුරින් එක් අයෙකු වීම නිසාවෙන් ජනප්‍රිය වූවෙකු වෙයි. හේ ස්විට්සර්ලන්තයෙහි උපන් නමුත්, ඔහු 30 ගණන් වයසැති වූ කල ප්‍රංශ පුරවැසියෙක් බවට පත්විය.

නූතන උස් ගොඩනැගිලි සැලසුම අධ්‍යයනයෙහි පුරෝගාමියෙකු වූ හේ, ජනාකීර්ණ නගරයන්හී වැසියන් හට වඩා හොඳ ජීවන තත්ත්වයන් සැපයීමෙහි ලා කැපවී ක්‍රියා කලේය. දශක පහක් ඔස්සේ පැතුරුණු ඔහුගේ වෘත්තිය තුලදී, මධ්‍යම යුරෝපය, ඉන්දියාව, රුසියාව තුල ඔහුගේ බොහෝ ගොඩනැගිලි ඉදිවූ අතර, උතුරු හා දකුණු ඇමරිකාවෙහි එක් ගොඩනැගිල්ල බැගින් තැනිණි. හේ නගර නිර්මාණකරුවෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පයෙක්, ලේඛකයෙක්, හා නූතන ගෘහභාණ්ඩ සැලසුම්කරුවෙකු ද විය.

දිවිය

[සංස්කරණය]

දිවියෙහි මුල් කල හා අධ්‍යාපනය, 1887-1913

[සංස්කරණය]

වයඹ දිග ස්විට්සර්ලන්තයෙහි, ජුරා කඳුවැටියෙහි, ප්‍රංශ දේශ සීමාවෙන් කිලෝමීටර පහක් පමණක දුරකින් පිහිටි, නිව්චාටෙල් පාලන ප්‍රදේශයෙහි පිහිටි කුඩා නගරයක් වූ ලා චො-ඩි-ෆොන්ඩ්ස් හි, ඔහු උපන්නේ චාල්ස්-එඩුවර්ඩ් ජිනරෙට්-ග්‍රිස් ලෙසිනි. ඔහු අධ්‍යාපනය ලැබූවේ ‍ෆ්‍රොබෙලියානු ක්‍රමවිධි අනුගමනය කල බාලාංශ පාසැලකිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ලෙ_කොබූසියර්&oldid=586836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy