Jump to content

මරාගෙන මැරෙන ප්‍රහාරය

විකිපීඩියා වෙතින්

මරාගෙන මැරෙන ප්‍රහාරයක් යනු ප්‍රහාරකයා විසින් තමාටද මරණය අත්වන අන්දමින් සිදුකරන ඕනෑම සාහසික ප්‍රහාරයක් ය. මෙවැනි ප්‍රහාරයන් ඉතිහාසය පුරාවටම සිදුවී ඇත. ඓතිහාසික උදාහරණ ලෙස දෙවන ලෝක යුද්ධයේ අවසාන සමයේ දී (1944-1945) ජපාන හමුදාවන් සිදුකල කමකාසි ගුවන් යානා ප්‍රහාර ද, ශ්‍රී ලංකානු සිවිල් යුද්ධ සමයේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරද, වර්තමාන උදාහරණ ලෙස සැප්තැම්බර් 11 ප්‍රහාර හා 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර දැක්විය හැකිය.

1981 සිට 2015 සැප්තැම්බර් දක්වා රටවල් 40 ක මරාගෙන මැරෙන ප්‍රහාර 4,814 ක් සිදුවී ඇති අතර ඒවායින් මිනිසුන් 45,000 කට අධික ප්‍රමාණයකගේ දිවි අහිමි විය. 1980 දශකය තුල ලෝකය පුරා සාමාන්‍යයෙන් වසරකට මෙවැනි ප්‍රහාර තුනක් පමණ සිදු වූ අතර, 90 දශකය වන විට මසකට එක් ප්‍රහාරයක් පමණ ද, 2001-2003 වනවිට සතියකට එක් ප්‍රහාරයක්ද, 2003 සිට 2015 දක්වා දිනපතාම මරාගෙන මැරෙන ප්‍රහාර සිදුවන තත්වයට පත්විය.

අනෙක් වර්ගයේ ත්‍රස්තවාදී ප්‍රහාර වලට වඩා මරාගෙන මැරෙන ප්‍රහාර මරණීය සහ විනාශකාරි වන්නේ ඒවා අපරාධකරුවාට ආයුධ සඟවාගැනීමට, අවසාන මොහොතේ වුවත් සැලසුම් සීරුමාරු කිරීමට අවස්ථාව ලබා දෙන නිසාය. එමෙන්ම ඒවාට දුරස්ථ පාලක හෝ කාල ප්‍රමාදයට අනුව අනුව ක්‍රියාකරන පිපිරීම් වල අවශ්‍යතාවයක් නැත. තවද පලායාමේ සැලසුම් හෝ ගලවාගැනීමේ කණ්ඩායම් අවශ්‍යය නැත. 1982 සිට 2006 දක්වා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර අතරින් මරාගෙන මැරෙන ප්‍රහාරයන් වූයේ 4% ක් පමණි. නමුත් ත්‍රස්තවාදී ප්‍රහාර වලින් සිදුවූ මරණයන්ගෙන් 32% ක් පමණ මරාගෙන මැරෙන ප්‍රහාර වලින් සිදුවූ ඒවා ය (මරණ 14,599 ක්). ලොව මරාගෙන මැරෙන ප්‍රහාරයන්ගෙන් 90% ක්ම සිදුවී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ, ඊශ්‍රායලයේ, පලස්තීන කලාපයේ, පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ යි.

මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු හට විවිධාකාරයේ අරමුණු තිබිය හැක. කමකාසි ගුවන් නියමුවන් ක්‍රියා කළේ ඔවුන්ට ලැබුනු හමුදා ආඥාවන්ට අනුවයි. අනෙකුත් මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ට සාමාන්‍යයෙන් ඇත්තේ ආගමික හෝ ජාතිවාදී අරමුණු යි.

"https://si.wikipedia.org/w/index.php?title=මරාගෙන_මැරෙන_ප්‍රහාරය&oldid=488951" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy