Jump to content

ටොලමි X ඇලෙක්සැන්ඩර් I

විකිපීඩියා වෙතින්

ටොලමි X ඇලෙක්සැන්ඩර් I[note 1] (පුරාතන ග්‍රීක:Πτολεμαῖος Ἀλέξανδρος, Ptolemaĩos Aléxandros) යනුවෙන් හඳුන්වන්නේ ක්‍රි.පූ. 110 සිට 109 දක්වා සහ ක්‍රි.පූ. 107 සිට 88 දක්වා ඊජිප්තුව පාලනය කළ රජ කෙනෙකි.

දිවිය

[සංස්කරණය]

ඔහු ටොලමි VIII ෆිස්කන් පාරාවෝවරයාගේත් IIIවන ක්ලියෝපැට්රා රැජිනියගේත් පුත්‍රයායි. ඔහුගේ මව විසින් ඔහුගේ සොයුරා වූ ටොලමි IX ලැතිරොස්ව බලයෙන් පහ කිරීමෙන් පසු, ක්‍රි.පූ. 110දී ඔහු සිය මව සමග හවුල් පාලනයක් ගෙනගියේ ය. කෙසේනමුත්, ක්‍රි.පූ. 109දී IXවන ටොලමි විසින් ඔහුව බලයෙන් පහකරන ලදී. ක්‍රි.පූ. 107දී ඔහු යලිත් වරක් රජු බවට පත් විය. එසේම ඇගේ මව සමග සම-අනුරාජ පදවිය හෙබවී ය. ක්‍රි.පූ. 101දී සිය මෑණියන්ව මරා දැමූ ඔහු, තනිව හෝ සිය භාර්යාව/ලේලිය වූ IIIවන බෙරෙනිස් සමග රාජ්‍ය පාලනය සිදුකළේ ය.

ඔහු මිය යන විට, IXවන ටොලමි නැවත වරක් සිහසුන හිමි කරග්තතේ ය. IXවන ටොලමි මියයන විට Xවන ටොලමිගේ භාර්යාව වූ IIIවන බෙරෙනිස් මාස හයක් රාජ්‍ය පාලනය සිදුකළා ය.

සටහන්

[සංස්කරණය]
  1. ^ ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (පටබැඳි නාමය) ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

මූලාශ්‍ර

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
ටොලමි X ඇලෙක්සැන්ඩර් I
උපත:  ? මරණය: ක්‍රි.පූ. 88
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි IX
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 110 - 109
ක්ලියෝපැට්රා III සමග
අනුප්‍රාප්තික
ටොලමි IX
පූර්වප්‍රාප්තිකයා
ටොලමි IX
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 107 - 88
ක්ලියෝපැට්රා III සහ බෙරෙනිස් III සමග
අනුප්‍රාප්තික
ටොලමි IX
"https://si.wikipedia.org/w/index.php?title=ටොලමි_X_ඇලෙක්සැන්ඩර්_I&oldid=659200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy