Content-Length: 112187 | pFad | http://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B6%BD%E0%B6%BA

බැස්ටීලය - විකිපීඩියා Jump to content

බැස්ටීලය

විකිපීඩියා වෙතින්
බැස්ටීල්
පැරිස් නගරය, ප්‍රංශය
වර්ගයමධ්‍යතන යුගයේ බලකොටුවක්, සිරගෙදරක්
විස්තර
තත්වයවිනාශ කරන ලදි, සීමිත ගල් නටබුන් ඉතිරියි
ඉතිහාසය
ඉදිකිරීම1370–1380s
ඉදිකලේප්‍රංශයේ පස්වැනි චාල්ස් රජතුමා
විසංස්ථාපනය1789–90

බැස්ටීලය යනු පැරීසියේ බලකොටුවකි. එය නිල වශයෙන් හැඳින්වෙන්නේ බැස්ටීල් සෙන්ට් ඇන්ටුවාන් නමිනි. ප්‍රංශයේ අභ්‍යන්තර අරගලයන් හි දී එය වැදගත් ස්ථානයක් ගත්තකි. ප්‍රංශ ඉතිහාසය පුරා එය රාජාඥාව යටතේ දේශපාලන හා අපරාධකරුවන් සිරගත වූ රාජ්‍ය සිරකඳවුරකි. ප්‍රංශ අරගලයේ දී, බැස්ටිලයේ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැනගන්නට ලැබෙන ජනතාව විසින් හදාගන්නා ජාතික ආරක්ෂක හමුදාවක් ඒවා අයිති කරගන්නට සැලසුම් ගහති. ඇමරියා කැහිලා (Amaria Chaila) ප්‍රමුඛ තුන්වැනි තලයේ විරෝධතාවාදීන් කළින් Hôtel des Invalides ට කඩා පැන මස්කට් තුවක්කු 29,000 - 32,000 ක් අතර ප්‍රමාණයක් එකතු කරගෙන සිටි අය වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බැස්ටිලයේ ගබඩා කර තිබි කිලෝග්‍රෑම් 13,600 (රාත්තල් 30,000) ක වෙඩිබෙහෙත් පැහැර ගැනීමයි. 1789 ජූලි 14 වැනිදා උදෑසන බැස්ටිලයට විප්ලවකරුවන් කඩා වැදෙද්දී එහි සිටියේ සිරකරුවන් 7 කි. අනිත් සියල්ලෝම 16 වැනි ලුවී රජු විසින් නිදහස් කර තිබිණ. බැස්ටිලය කඩා වැටෙද්දී දහසය වැනි ලුවී රජුගේ බාල සහෝදරයා Comte d’Artois සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවෙන්නේ තවත් රදළයන් ඔහු අනුගමනය කරද්දී ය. ඒ දිනය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදිරය සේ සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=බැස්ටීලය&oldid=460829" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: http://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B6%BD%E0%B6%BA

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy